April 15, 2025

දෙවලපොල ප්‍රදේශයේදී දෙපාර්ශවක් අතර ඇති වූ ආරවුලකදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමට අදාළව පළාගොස් සිටි සැකකරු මිනුවන්ගොඩ පොලීසිය විසින් ඊයේ (14) අත්අඩංගුවවට ගෙන ඇත.

මරණකරු නිවසේ ඇති කරනු ලබන සුනඛයා සැකකරුගේ නිවසට යෑම හේතුවෙන් ඇති වූ ආරවුලක් මත පෙරේදා (13) පස්වරුවේ මෙම ඝාතනය සිදුකර තිබේ..

පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

එහිදී ඝාතනයට ලක්වඇත්තේ, ගණෙහිමුල්ල, දෙවලපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි පුද්ගලයෙකි.

එම ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරු සිද්ධියෙන් පසු ප්‍රදේශයෙන් පළාගොස් සිටි අතර, ඒ හේතුවෙන් මිනුවන්ගොඩ පොලිස් ස්ථානය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 65ක පුද්ගලයකු බව පොලිසිය පවසයි.

මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.(අද දෙරණ)