April 14, 2025

අද පෙරවරුවේ අක්බර්පුර ප්‍රදේශයේදී බස් රථයක් සහ හමුදා ට්‍රක් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ රියදුරු මියගිය බව අක්බර්පුර පොලිසිය පැවසීය.

මාවනැල්ල සිට පැමිණි බස් රථය තවත් වාහනයක් පසුකර ගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි හමුදා ට්‍රක් රථයේ ගැටීමෙන් අනතුර සිදුවී ඇති බව පොලිසිය සඳහන් කරයි.

බස් රථ රියදුරු එම ස්ථානයේදීම මියගොස් ඇත.

අක්බර්පුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.