
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇහැලියගොඩ, පන්නිල ප්‍රදේශයේ සංවිධානය කර තිබූ සුප් දන්සලක් අසලදී ඊයේ (03) සවස සිදුකළ පිහි ඇනුමකින් 23 හැවිරිදි තරුණයකු ඝාතනය කර තිබේ.
ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ ඥාතීන් විසින් මෙම සුප් දන්සල සංවිධානය කර ඇත.
ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ මුදල් පසුම්බියේ තිබූ මුදල් අස්ථානගතවීම සම්බන්ධයෙන් ප්‍රහාරය එල්ලකළ සැකකරු සමග ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගොස් ඝාතනය සිදුකර ඇති බව පොලිසිය පවසයි.
සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ඇහැලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart