April 12, 2025

අලුත්ගම කුරුඳුවත්ත දර්ගා නගරය ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කර තිබේ.

තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇතැයි පැවැසෙන්නේ මියගිය තැනැත්තියගේ සැමියා විසිනි.

අවුරුදු 42ක් වූ කුරුඳුවත්ත දර්ගා නගරය ප්‍රදේශයේ පදිංචිකාරියක මෙලෙස ඝාතනය කර ඇත.

පවුල් ආරවුලක් දුරදිග යෑම මෙම ඝාතනයට හේතුව බව පොලිසිය සඳහන් කරයි.

ඝානයයෙන් පසු මියගිය කාන්තාවගේ සැමියා සැමියා ඝාතනය සිදුකිරීමට යොදා ගත් ආයුධය සමගින් පොලිසියට පැමිණ භාර වී ඇත.

සැකකරු අවුරුදු 45ක් වූ කුරුඳුවත්ත දර්ගා නගරය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.