
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් මිලියන 100කට අධික වටිනාකමකින් යුත් ජංගම දුරකථන තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ මඩකලපුව, කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයකු කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අද උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.
පෙරවරු 6.30 ට පමණ ඩුබායි සිට ළඟාවූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූඑල්-226 දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණි සැකකරුගේ ගමන් මලු තුනක් තුළ නවතම මාදිලියේ ජංගම දුරකථන 528ක් අසුරා තිබූ බව රේගු නිලධාරීන් පවසයි.
මෙම තොගයේ තිබූ ඇතැම් දුරකථනයක් රුපියල් 500,000 බැගින් වන ප්‍රිමියම් සන්නාම සහිත ස්මාර්ට්ෆෝන් බව ද වාර්තා වේ.
සැකකරු මීට පෙර හෝටල් සේවකයෙකු ලෙස මැදපෙරදිග රටවල් කිහිපයක සේවය කර ඇති අතර, මේ වන විට අනවසර විද්‍යුත් ආනයනය සඳහා කුරියර්වරයකු ලෙස කටයුතු කරන බවට රේගු නිලධාරීහු සැක පළකරති.
කටුනායක ගුවන් තොටුපොළේ ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් අදාළ මගියා රඳවාගෙන සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart