
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි අප්‍රේල් 4 සිට 6 දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.
මෙම සංචාරය අතරතුර, අග්‍රාමාත්‍ය මෝදි ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
සිය සංචාරයේ කොටසක් ලෙස, අග්‍රාමාත්‍ය මෝදි අනුරාධපුරයට ගොස් පූජනීය ශ්‍රී මහා බෝධිය වැඳපුදා ගැනීමට නියමිත අතර, ඉන්දීය රජයේ සහාය ඇතිව ක්‍රියාත්මක කර ඇති ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති කිහිපයක් විවෘත කරනු ඇත.
මීට අමතරව, මෙම සංචාරයේදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිතය.
අග්‍රාමාත්‍ය මෝදි සමඟ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය, ජාතික ආරක්ෂක උපදේශක, විදේශ ලේකම් සහ ඉන්දීය රජයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම සංචාරයට සහභාගී වනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart