
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සංචාරය හේතුවෙන් අනුරාධපුර නගර සීමාවෙන් අයාලේ යන සුනඛයන් ඉවත් කිරීමට අනුරාධපුර ආණ්ඩුකාර කාර්යාලය තීරණය කර ඇති බව සත්ව ජනගහන සංගමයේ මානුෂීය කළමනාකරණය සඳහා වන පශු වෛද්‍යවරු පවසති.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අප්‍රේල් මස මුල් සතියේ තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතව තිබේ.
සිය සංචාරයට සමගාමීව මෝදි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමටත්, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ ඉන්දීය රජයේ අනුග්‍රහය දක්වන ව්‍යාපෘති විවෘත කිරීමටත් අනුරාධපුරයට පැමිණීමට ද නියමිතව ඇත.
ඒ අනුව එම සංගමයේ උපදේශක වෛද්‍ය චමිත් නානායක්කාර Daily Mirror වෙත පවසා ඇත්තේ, අනුරාධපුර ආණ්ඩුකාර කාර්යාලය සහ මහනගර සභා කොමසාරිස්වරයා සමඟ පැවති ඒකාබද්ධ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි.
එම තීරණය ක්‍රියාත්මක කිරීමට අනුරාධපුර මහනගර සභාව දැන් කටයුතු සම්පාදනය කරමින් සිටින අතර වැඩසටහන වහාම ක්‍රියාත්මක කරන ලෙස නාගරික පශුවෛද්‍ය දෙපාර්තමේන්තුවට ද උපදෙස් දී තිබේ.
අනුරාධපුර මහනගර සභාවේ අනුග්‍රහය ඇතිව පස් අවුරුදු ව්‍යාපෘතියක් මේ වන විට ක්‍රියාත්මක වන අතර, අයාලේ යන සුනඛයන්ගෙන් සියයට 90කට වැඩි ප්‍රමාණයක් එන්නත් කර වඳභාවයට පත් කර ඇති බව වෛද්‍ය නානායක්කාර පැවසීය.
ව්‍යාපෘතියේ ප්රගතියෙන් පසු අනුරාධපුරයෙන් ජලභීතිකා රෝගයට සම්බන්ධ කිසිදු සිදුවීමක් වාර්තා වී නොමැති බව ද ඔහු පවසයි.
අනුරාධපුර නගර සීමාවේ සිටින සියලුම අයාලේ යන සුනඛයන් ඉවත්කරන ලෙසට උපදෙස් දී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සංචාරයට අදාළ කටයුතු සම්බන්ධයෙන් පසුගියදා සාකච්ඡාවක් පවත්වා ඇති බව අනුරාධපුර මහ නගර සභා කොමසාරිස්වරයාගෙන් කළ විමසීමකදී ද තහවුරු කළ බව Daily Mirror වාර්තා කරයි.
“රැස්වීමේදී අපි සාකච්ඡා කළේ පාරේ සැරිසරන අයාලේ යන සුනඛයන් සහ ගවයන් පිළිබඳවයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අනුරාධපුර නගරයෙන් පිටව යන තෙක් සුනඛයන් සහ ගවයින් හිමිකරුවන්ට ඔවුන්ගේ සතුන් දින දෙකක් මුදානොහරින ලෙසට දැනුම්දීමට තීරණය කළා.” යනුවෙන් කොමසාරිස්වරයා පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart