
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉක්මණින් මියයනු ඇති බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසයි.
ඔහුගේ මරණය රටවල් දෙක අතර පවතින යුද්ධයට තිත තබනු ඇති බවට විශ්වාස කරන බවත් සෙලෙන්ස්කි පවසා තිබේ.
ඔහු මෙම අදහස් පළකර ඇත්තේ, පුටින්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දිගින් දිගටම පැතිර යන කටකතා මධ්‍යයේ, ඊයේ පැරිසියේදී යුරෝපීය ජනමාධ්‍යවේදීන් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදීය.
ලෝකයේම අවධානය යොමුවූ යුද ගැටුමක් අතරතුර ලෝකයේ ප්‍රබල නායකයෙකුගේ සෞඛ්‍යය තත්ත්වය සම්බන්ධයෙන් සෙලෙන්ස්කි කළ ප්‍රකාශය නිර්භීත බව ඇතැම් විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
එමෙන්ම ඔහු මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ, යුක්‍රේන යුද්ධයට විසඳුමක් ගෙනඒමේ අරමුණින් අමෙරිකාවේ ද මැදිහත්වීම සමග සවුදියේ රියාද් නගරයේදී සාම සාකච්ඡා පැවැත්වෙන පසුබිමක් තුළය.
එම සාකච්ඡාවලදී කළු මුහුදේ වෙළඳ සහ බලශක්ති ප්‍රවාහයන් ඉලක්ක කර දෙපාර්ශවට එල්ල කරගන්නා ප්‍රහාර නවත්වා අමෙරිකාවේ මැදිහත්වීමෙන් අර්ධ සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට රුසියාව සහ යුක්රේනය එකඟ වී තිබිණි.
“මෙම ගෝලීය හුදකලාවෙන් මිදීමට ඇමරිකාව පුටින්ට උදව් නොකිරීම ඉතා වැදගත්” යැයි ද පැරිසියේ සංචාරයේදී සෙලෙන්ස්කි පැවැසීය.
පුටින් ඔහුගේ මරණය තෙක් බලයේ රැඳී සිටීමට බලාපොරොත්තු වන අතර, ඔහුගේ අභිලාෂයන් යුක්රේනයට පමණක් සීමානොවී බටහිර සමඟ සෘජු ගැටුමකට තුඩුදිය හැකි බවට ද සෙලෙන්ස්කි එහිදී අනතුරු අගවා තිබේ.
පුටින්ට බලපෑම් කිරීමේදී එක්සත්ව සිටින ලෙස සෙලෙන්ස්කි එක්සත් ජනපදයෙන් හා යුරෝපයෙන් ඉල්ලා සිටියේය.
රුසියානු නායකයා යුරෝපීය-ඇමරිකානු සන්ධානයට බියවන බව ද සෙලෙන්ස්කි පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart