March 26, 2025

උතුරු පළාතේ වඩමාරච්චි නැඟෙනහිර ප්‍රදේශයේ සොරකම් කිරීමේ චෝදනාව මත 14 හැවිරිදි දැරියක් විදුලි කණුවක බැඳ පහරදී ඇතැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඉකුත් ඉරිදා කුඩාතානි පෝර්පති ප්‍රදේශයේ වෙළඳසැලකට පැමිණි අවස්ථාවේදී මෙම දැරිය සිද්ධියට මුහුණ පා ඇතැයි පැවැසේ.

රසකැවිලි වර්ගයක් සොරකම් කළ බවට වෙළඳසැලේ හිමිකාරිය දරුවාට චෝදනා කර ඇති අතර, පසුව ඇය දැරිය විදුලි කණුවක ගැටගසා පහර දී ඇතැයි වාර්තා වේ.

සිද්ධියෙන් තුවාල ලැබූ දැරිය පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කර තිබේ.

තුවාල පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව සිද්ධියට සම්බන්ධ සැකකාරියට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස මරුතන්කේනි අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පොලිසියට උපදෙස් දී ඇත.

අනතුරුව පොලිසිය විත්තිකාරියගේ නිවසට ගොස් ඇති අතර, එය අගුළු දමා තිබීම හේතුවෙන් දුරකථනයෙන් විමර්ශනය පිළිබඳ කාන්තාවට දැනුම් දී තිබේ.