March 26, 2025

පසුගියදා හදිසි අනතුරකින් මියගිය කැළණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එන්.ඩී.ජී. ගයන්තගේ බිරිඳ ද අද රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

මාර්තු 18 වැනි දින මධ්‍යම අධිවේගී මාර්ගයේ දී මෙම ඛේදජනක අනතුර සිදුවූයේ ආචාර්ය ගයන්ත සිය බිරිඳ සහ කුඩා දරුවන් තිදෙනා සමඟ යාපනයේ නාගදීපයට ගොස් ආපසු එමින් සිටියදීය.

කුරුණෑගල සිට මීරිගම දෙසට ගමන් කළ වෑන් රථය පාලනයෙන් ගිලිහී ගොස් ඉදිරියෙන් තිබූ ලොරියක ගැටීමෙන් ආචාර්ය ගයන්ත තුවාල ලබා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගියේය.

වෑන් රථයේ වූ ඔහුගේ බිරිඳ, දරුවන් තිදෙනා සහ ආචාර්ය ගයන්තගේ මස්සිනා ඇතුළු තවත් දෙදෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලදී.

ඛේදජනක ලෙස, ආචාර්ය ගයන්තගේ මස්සිනා ද ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියේය.