March 20, 2025

මිහි­න්තලේ ගොවි­ජන සේවා බල­ප්‍ර­දේ­ශයේ සීමා­ස­හිත ජනතා ලංකා මිරිස් අලෙවි සමා­ගම නමින් සමා­ග­මක් පිහි­ටුවා හිටපු කෘෂි­කර්ම ඇමැ­ති­ව­ර­යකු වූ එස්.එම්. චන්ද්‍ර­සේන මිහි­න්තලේ ගොවි­ජන සේවා බැංකු­වෙන් ණයක් ගෙන වසර 24ක් තිස්සේ රුපි­යල් දහ­නව ලක්ෂ හැත්තෑ­ප­න්ද­හස් දෙසිය තිස්තු­නක පොලී මුද­ලක් බැංකු­වට ගෙවා නැතැයි නියෝජ්‍ය ඇමැති නාමල් කරු­ණා­රත්න පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (18) ප්‍රකාශ කළේය.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී සුසන්ත කුමාර නව­රත්න විසින් වාචික පිළි­තුරු අපේ­ක්ෂා­වෙන් මතු­ක­රන ලද ප්‍රශ්න­ය­කට පිළි­තුරු දෙමින් නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා මේ බව සඳ­හන් කළේය.

සීමා­ස­හිත ජනතා ලංකා මිරිස් අලෙවි සමා­ගමේ සභා­පති හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍ර­සේන විසින් අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්කයේ ගොවි­ජන බල­ප්‍ර­දේශ 12ක මිරිස් මිල දී ගැනීම සඳහා 2001.04.19 වැනිදා රුපි­යල් ලක්ෂ සීයක ණය මුද­ලක් ලබා­ගෙන ඇති බව නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා පැවැ­සීය.

එම ණය මුදල ලබාගත්ත ද ඊට අදාළ පොලී මුදල වන රුපි­යල් දහ­නව ලක්ෂ හැත්තෑ­ප­න්ද­හස් දෙසිය තිස්තු­නක් මෙතෙක් ගෙවා නොමැති අතර, එම පොලී මුදල අයකර ගැනී­මට කට­යුතු කරන බව ද හෙතෙම පැවැ­සීය.

වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා මෙසේ ද සඳහන් කළේය.

“ණය මුදල ඉල්ලී­මට 2001.04.19 වැනි දින අනු­මැ­තිය ලබා­ගෙන තිබෙ­නවා. දිස්ත්‍රික් මෙහෙ­යුම් කමි­ටුව මඟින් ලක්ෂ සීයක මුදල කොටස් වශ­යෙන් දී තිබෙ­නවා. පන­වන කොන්දේසි අනුව කට­යුතු කිරී­ම­ටත් පිය­වර ගෙන තිබෙ­නවා. ගොවි­ජන කොම­සා­රිස් විසින් කෘෂි­කර්ම කොම­සා­රිස් වෙත ලිපි­යක් මඟින් ණය මුදල ලබා­දීම සුදුසු බවට අනු­මත කරන බව දන්වා තිබෙ­නවා. නියෝජ්‍ය කොම­සා­රිස් විසින් අනු­මැ­තිය දී ඇති බව දන්වා තිබෙ­නවා. ඒ වගේම අනු­රා­ධ­පුර ගොවි­ජන නියෝජ්‍ය සංව­ර්ධන කොම­සා­රිස් විසින් ලිපි­යක් මඟින් ණය මුදල හා අය­වී­මට ඇති මුදල් සම්බ­න්ධ­යෙන් දැනුම් දී තිබෙ­නවා. ඒ අනුව ණය මුද­ලට අය විය යුතු පොලිය පම­ණක් දහ­නව ලක්ෂ හැත්තෑ­ප­න්ද­හස් දෙසිය තිස්තු­නක් ලෙස ද තිබෙ­නවා. ඒ වගේම මේ මුදල 2001දී තමයි ගෙවන්න තිබුණේ. තව­මත් ගෙවා නැහැ.”(දිනමිණ)