
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මිරිහාන පොලිසියේ අවි ගබඩාව භාරව සිටින පොලිස් සැරයන්වරයාගේ පහරකෑමට ලක් වූ ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර ඇති බව මිරිහාන පොලිසිය පවසයි.
ඊයේ දිනයේ කැරලි මර්දන විශේෂ රාජකාරිවලට යොමුකොට සිටි මෙම පොලිස් කොස්තාපල්වරයා එම රාජකාරී නිමවීමෙන් පසු නැවත පොලිසියට පැමිණ තමාට තවත් උසස් නිලධාරීන් කිහිපදෙනකු ලබාදුන් ආරක්ෂිත හිස් වැසුම් භාරදීමට ගිය අවස්ථාවේදී එක් හිස් වැසුමක කොටසක් කැඩී තිබූ නිසා මෙම පහරදීම සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.
සියලුම නිලධාරීන් ඉදිරියේ පහරකෑමට ලක් වූ පොලිස් කොස්තාපල්වරයා තොරතුරු සටහන් පොතේ තමාට පහරදුන් බවත්, එයට ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය බවත් සටහන් කර ඇත.
පසුව මිරිහාන පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා ඔහුව කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.
එසේම මිරිහාන පොලිසියේම තවත් පොලිස් කොස්තාපල්වරයකුට පාලන ස්ථානාධිපතිවරයා අමානුෂික ලෙස පරුෂ වචනයෙන් බැනවැදීම හේතුවෙන් ඔහු තොරතුරු සටහන් පොතේ සියලු විස්තරය සටහන් කර පොලිස් ස්ථානයෙන් නික්ම ගොස් ඇත.
මේ සිදුවීම් දෙක පිළිබඳවම විමර්ශන ආරම්භ කර ඇති බව මිරිහාන පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart