March 19, 2025

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම ආසන්නයේ වෑන් රථයක් ලොරියක ගැටීමෙන් එක් අයකු මියගොස් තවත් හයදෙනකු තුවාල ලබා තිබේ.

රියැදුරුට වෑන් රථය පාලනය කරගැනීමට නොහැකිව, එය ලොරියේ පිටුපස ගැටී ඇති බව පොලිසිය පවසයි.

අනතුරින් තුවාල ලැබූ වෑන් රථයේ ගමන් කළ පිරිස මීරිගම රෝහලට ඇතුළත් කර තිබේ.

පොලිසිය පවසන්නේ, අනතුරින් මාකොළ දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවකු මියගොස් ඇති බවයි.

එලෙස මියගොස් ඇත්තේ කැළණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පිඨයේ, දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකක අංශ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එන්.ඩී.ජී. ගයන්ත ය.