
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් ලබන මස අගදී මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
ඒ හමුවේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඉවත් කිරීම සහ නව මාර්ගෝපදේශයන්ට අනුව ජීඑස්පී ප්ලස් (GSP+) සඳහා සුදුසුකම් ලැබීමට අන්තර්ජාල ආරක්ෂණ පනත සංශෝධනය කිරීම ඇතුළු වගකීම් ඉටුකිරීම සඳහා රජය දැඩි පීඩනයකට ලක්ව සිටින බව වාර්තා වේ.
දූෂණ විරෝධී ක්‍රියාමාර්ග වැඩිදියුණු කිරීම ද රජයේ වගකීමක් වී තිබේ.
යුරෝපා සංගමය 2027 සිට GSP+ ප්‍රතිලාභී සඳහා සුදුසුකම් ලබන රටවල් සඳහා වන නිර්ණායක සංශෝධනය කරයි.
GSP+ යනු තිරසාර සංවර්ධනය සහ යහපාලනය සඳහා වූ විශේෂ දිරිගැන්වීමේ වැඩපිළිවෙළකි.
වත්මන් ක්‍රමය යටතේ ශ්‍රම හා මානව හිමිකම්, පාරිසරික සහ දේශගුණ ආරක්ෂණය සහ යහපාලනය සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතීන් 27 ක් ක්‍රියාත්මක කරන, අවදානමට ලක්විය හැකි අඩු සහ පහළ මධ්‍යම ආදායම් ලබන රටවල් සඳහා GSP+ තීරුබදු බිංදුව දක්වා අඩුකර තිබේ.
මූලාශ්‍රවලට අනුව පාරිසරික හා යහපාලන සම්මුතීන් ඇතුළු සියල්ලේ මූලධර්මවලට අනුකූල වීම ප්‍රතිලාභීන් සඳහා අනිවාර්ය වනු ඇත.
එසේම, වගකීම් ඉටු නොකළහොත් පහසුකම ඉක්මණින් ඉවත්කර ගැනීම සඳහා ද ක්‍රියාපටිපාටියක් පවතී.
GSP+ ප්‍රතිලාභීන් සඳහා, අලුතින් එකතු කරන ලද සම්මුතීන් අනුමත කිරීම සඳහා වසර දෙකක සංක්‍රාන්ති කාලයක් ලබාදෙනු ඇත.
සියලුම සම්මුතීන් පද්ධතියට ඇතුළත් කිරීම සඳහා සවිස්තරාත්මක ක්‍රියාත්මක කිරීමේ සැලැස්මක් ඉදිරිපත් කිරීමට ඔවුන්ට සිදුවේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත එහි වර්තමාන ස්වරූපයෙන් පිළිගත නොහැකි බව යුරෝපා සංගමය දැනටමත් මෙරටට දන්වා තිබේ.
නව ක්‍රමය තුළ දූෂණය සහ අල්ලස වැළැක්වීමේ අර්ථවත් ක්‍රියාමාර්ග හඳුන්වාදීම සහ විශ්වාසදායක විනිවිද පෙනෙන මහජන ටෙන්ඩර් පටිපාටියක් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.
ශ්‍රී ලංකාවට වරක් GSP+ සහනය අහිමි විය.
2017 දී එය නැවත රටට ලැබුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට පොරොන්දු වීමත් සමඟය.
ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමයේ වෙළඳ ගනුදෙනුවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 3.2 කි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart