March 19, 2025

සෝදිසි වරෙන්තුවක් නොමැතිව හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිවස පරීක්ෂා කළ බවට ඔහුගේ බිරිඳ විසින් අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පසුගිය 18 වැනි දින එම නිවස පරීක්ෂා කළ බවද එම නිවසේ තිබී දේශීය හා විදේශීය මත්පැන් බෝතල් 795ක් සොයාගත් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

අත්අඩංගුවට ගත් මත්පැන් බෝතල් ඉදිරි විමර්ශන සඳහා අතුරුගිරිය පොලිසියට බාර දුන් බවද පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරයි.