March 19, 2025

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ගොනු කර තිබෙන 2023 වසරේ වැලිගම ඩබ්ලිව් 15 හෝටලය අසල වෙඩි තැබීමේ සිද්ධියට අදාළ නඩුව මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද පස්වරුවේ කැඳවීමට නියමිත බව වාර්තා වේ.

එම නඩුවට අදාළව ඔහු අද උදෑසන මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර විය.

මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් මීට පෙර හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු කොළඹ අපරාධ කොට්ඨාශයේ (CCD) හිටපු නිලධාරීන් අටදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබූ අතර, 2023 දෙසැම්බර් 31 වන දින මාතර වැලිගම පැලෑන ප්‍රදේශයේ W15 හෝටලය ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් ලෙස ඔවුන් නම් කර තිබිණි.

ඒ හමුවේ දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පුද්ගලයින් අටදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස CID යට උපදෙස් දෙන ලදී.