
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට ප්‍රතිචාර දක්වමින් කියාසිටියේ, අතීතයේ සිදු වූ සිදුවීමක් හේතුවෙන් ශ්‍රී ලංකාව තවමත් විශාල දඩයක් ගෙවන බවයි.
පාර්ලිමේන්තුව අමතමින් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ හෙළිකළේ 2014 දී රග්බි තරඟයක් අතරතුර ෆීජි ක්‍රීඩකයන් සම්බන්ධවීම හේතුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය වසරකට ස්ටර්ලින් පවුම් 5000 ක දඩයක් ගෙවන බවයි.
“2014 මැයි මාසයේදී, ‘බේබිලා’ රගර් ගහන කාලෙ, ශ්‍රී ලංකාව වෙනුවෙන් රගර් ක්‍රීඩා කිරීමට ෆීජි ක්‍රීඩකයින් තිදෙනෙකු ගෙන්වා තිබෙනවා. කොළඹ පැවති තරඟාවලියක තරඟයක් ජයග්‍රහණය කිරීම සඳහා ඔවුන් ගෙනැවිත් තිබෙනවා. වසර ගණනාවකට පසු ලෝක රග්බි සංගමය මේ බව දැනගත් විට, ඔවුන් ශ්‍රී ලංකාවට ස්ටර්ලින් පවුම් 50,000 ක දඩයක් නියම කළා. අපි තවමත් මෙම දඩය ගෙවමින් සිටිනවා” ක්‍රීඩා අමාත්‍යවරයා පැවැසීය.
ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ක්‍රීඩා කටයුතු සොයාබැලීම වෙනුවට මෑතකදී සුපිරි වෙළඳසැලකට කළ සංචාරය සමච්චලයට ලක්කිරීමෙන් පසුව මෙම ප්‍රකාශය කළේය.
පාර්ලිමේන්තුවේදී කතාකරමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ, ජාතික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා අමාත්‍යාංශය විසින් නේවාසිකාගාරයේ ලබාදෙන ආහාර පිළිබඳව සොයාබලන ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart