
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන් ලෙස සළකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්ද අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගත් තීරණය අවලංගු කිරීම සඳහා සහතික කිරීමේ ආඥාවක් ඉල්ලා ශ්‍රී ලංකා එක්දින නායක චරිත් අසලංක සහ ටෙස්ට් නායක ධනංජය ද සිල්වා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ.
අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ විනිසුරු කේ.පී. ප්‍රනාන්දු යන සාමාජිකයන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කරුණු තහවුරු කිරීම සඳහා ඊයේ පෙත්සම කැඳවන ලදී.
කරුණු තහවුරු කිරීම සඳහා පෙත්සම මාර්තු 28 වන දින කැඳවන ලෙස අධිකරණය නියෝග කළේය.
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්, එහි නියෝජ්‍ය කොමසාරිස්, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති, එහි විධායක කමිටු සාමාජිකයන්, විගණකාධිපති සහ තවත් කිහිපදෙනෙකු පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත.
පෙත්සම්කරුවන් පවසන්නේ, 1983 දී ශ්‍රී ලංකාවට ටෙස්ට් ක්‍රිකට් තත්ත්වය පිරිනැමීමෙන් පසු, 1996 දී ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලය සමඟ ලිඛිත ගිවිසුම් අත්සන් කළ බවයි.
ජනවාරි 17 වන දින රැස්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව, ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ ගිවිසුම් යටතේ ජාතික මට්ටමින් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් එම ආයතනයේ කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කරන සේවකයින් ලෙස වර්ගීකරණය කිරීමට තීරණය කළ බව පෙත්සම පවසයි.
එම තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව පෙන්වාදෙන පෙත්සම්කරුවෝ, ජාතික මට්ටමේ ක්‍රීඩකයන් සේවක අර්ථසාධක අරමුදලේ (EPF) හෝ සේවක භාර අරමුදලේ (ETF) සාමාජිකයින් නොවන බවත් ඔවුන්ට එවැනි අයිතිවාසිකම් නොමැති බවත් ප්‍රකාශ කළහ.
මේ සම්බන්ධයෙන් නීති විශේෂඥයන්ගෙන් නීති උපදෙස් ලබාගෙන ඇති බවත්, ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන් නොව ස්වාධීන සේවා සපයන්නන් බවට නීති උපදෙස් ලැබී ඇති බවත් පෙත්සම්කරුවෝ පවසති.
එම තත්ත්වය යටතේ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන් ලෙස සලකා රඳවා ගැනීමේ බද්ද අය කිරීමට තීරණය කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස, මෙය ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට දැඩි අගතියක් ඇති කර ඇති බව පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.
ඒ අනුව, ජාතික මට්ටමේ ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන් ලෙස වර්ගීකරණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත් තීරණය සහ ඔවුන් මත රඳවා ගැනීමේ බද්ද අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගත් තීරණය අවලංගු කිරීම සඳහා රිට් නියෝග නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.
ඊට අමතරව, මෙම පෙත්සම විභාග කර අවසන් තීරණයක් ප්‍රකාශයට පත්කරන තෙක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තීරණය ක්‍රියාත්මක කිරීම වැළැක්වීම සඳහා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් තවදුරටත් ඉල්ලා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart