
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිදුකරන ප්‍රකාශ කිසිඳු අවස්ථාවකදී ඍණාත්මකව නොසළකන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන මන්දගාමී වීම සහ වත්මන් රජය ද ඒ සම්බන්ධයෙන් පෙර පැවැති රජයන් ගිය මග ගමන් කරන්නේ නම් ඊට එරෙහිව මහ මගට බසින බවට අගරදගුරු හිමිපාණන් අප්‍රසාදය පළ කරමින් ඉකුත් දා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය සහ පාස්කු ප්‍රහාරයේ විමර්ශනවල වත්මන් ප්‍රගතිය සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවේදී Ceylonwire.lk නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වූ කතෝලික වැසියන් සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන්ට ඇති හැඟීම සාධාරණ බව ද අමාත්‍යවරයා එහිදී පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ, රජයක් ලෙස එහි විමර්ශන කටයුතු සඳහා වගකීමක් පවතින බව සහ එම කටයුතු අඛණ්ඩව සිදුවෙමින් පවතින බවයි.
අදාළ පරීක්ෂණ ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට සැළකිව යුතු දුරක් ගමන් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, එම පරීක්ෂණවලට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා බවයි.
වත්මන් ආණ්ඩුව බලයට පත්වූයේ ප්‍රහාරය සිදුවී සාක්ෂි පැහැදිළිව පෙනෙන්නට තිබෙන හෝ වරදකරුවන් හඳුනාගැනීමට පහසු පරිසරයක් තුළ නොවන බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවැසුවේය.
ඔහු පෙන්වා දුන්නේ, ඝාතකයන්ම එම ප්‍රහාරය උපයෝගී කරගෙන රාජ්‍ය බලය ලබාගෙන සාක්ෂි වසන් කළ තත්ත්වයක් පැවැති බවත්, එම සාක්ෂි පිළිබඳ විමර්ශනය කරමින් සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පුද්ගලයන් විසුරුවා හැර තිබූ බවයි.
එවන් පසුබිමක් තුළ පසුගිය මාස හතරක කාලය තුළ පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් අත්කර ගෙන සිටින ප්‍රගතිය පිළිබඳ රජය සෑහීමකට පත්වන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
එහෙත් විසඳා ගත යුතු ගැටළු කිහිපයක් පවතින බවත් එම කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට සිදු කරමින් සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart