March 18, 2025

පළාගොස් සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සේවය අත්හිටුවීම සම්බන්ධව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කළ නොහැකි බව කැබිනට් ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.

Ceylonwire.lk සිදුකළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් ඇමැතිවරයා පැවැසුවේ, නීතිය හා සාමය අමාත්‍යාංශය පාර්ශ්වයෙන් ඒ සම්බන්ධයෙන් කටයුතු කෙරෙමින් පවතින බැවයි.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් වන ලිපිය අදාළ අමාත්‍යංශය විසින් විනය බලධරියා වන ජනාධිපති ලේකම්වරයා වෙත යොමුකර ඇති බව වාර්තා සදහන් කරයි.