
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු බස්නායක නිලමේවරයකු වන සමගි ජන බලවේගයේ සංවිධායකවරයකුගේ නිවෙසක් බිඳ භාණ්ඩ සොරාගත්තේ යැයි පැමිණිල්ලකට අනුව කහවත්ත ඇන්දාන පොලිසිය සිදුකළ විමර්ශනයකදී, එම සොරා ගත් භාණ්ඩ අතර තිබූ ඔස්ට්‍රියාවේ නිෂ්පාදිත ගිනි අවියක් සහ උණ්ඩ සමඟ සොරකමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන පැල්මඬුල්ල වැඩබලන මහේස්ත්‍රාත් හවුපේ එම්. ජයසිරි හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු ලබන 25 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
මහනුවර ප්‍රදේශයේ දේවාල දෙකක බස්නායක නිලමේවරයකු සහ සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායකවරයකුට අයත් කහවත්ත ඇන්දාන ගොඩකුඹුර කීනමුල්හේන වතුයායේ වතු බංගලාව පසුගිය 08 වැනිදා බිඳ ඇතැයි එම වතු හිමියා ඇන්දාන පොලිසියට පැමිණිළි කර තිබිණි.
ජල මෝටරයක් ඇතුඵ භාණ්ඩ කිහිපයක් සොරාගෙන ගොස් ඇතැයි පැමිණිල්ලේ සඳහන් වූ බව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.
වතු බංගලාවෙන් සොරාගන්නා ලද භාණ්ඩ කිහිපයක් වත්තේ පහළ කොටසක සඟවා තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබිණි.
පරීක්ෂණ කිරීමේදී අලකොළ ගාලක සැඟවී සිටි සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සොරාගත් භාණ්ඩ අතර තිබූ ගිනි අවියක්, බෝර 12 උණ්ඩ හයක් දුරදක්නයක් ද පොලිසිය විසින් සොයාගත් බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.
එම ගිනි අවිය හිටපු බස්නායක නිලමේවරයාට අයත්දැයි සොයා පරීක්ෂණ සිදුකරන බවත් ඔහුගෙන් එක් ප්රකාශකයක් ලබාගත් අතර තවත් ප්‍රකාශයක් ලබාගන්නා බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart