March 16, 2025

2023 වැලිගම හෝටලයක් අසල සිදු වූ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා සහ පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන් අතර එකඟතාවයකට පැමිණ තිබේ.

ඒ අනුව, ඇති කරගත් එකඟතාවය මත පදනම්ව, හිටපු පොලිස්පති (IGP) දේශබන්දු තෙන්නකෝන් හැර කොළඹ අපරාධ කොට්ඨාශයේ (CCD) ස්ථානාධිපති (OIC) සහ තවත් පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට නොගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනීසිටීමෙන් පසු ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසට නීතිපතිවරයා උපදෙස් දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සිය නිවේදනයෙන් දන්වා සිටියි.