March 16, 2025

අද (මාර්තු 16) අලුයම මඩකලපුවේ සන්තිවේලි ප්‍රදේශයේ වනාන්තර ප්‍රදේශයක තිබී අලුත උපන් බිළිඳකුගේ මළසිරුරක් සොයාගෙන ඇත.

පොලිසියට අනුව, අලුත උපන් බිළිඳාගේ මළසිරුර එම ප්‍රදේශයේ දේවපුරම් ක්‍රීඩාංගණයට ආසන්නව තිබී සොයාගෙන තිබේ.

මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මඩකලපුව රෝහලේ තැන්පත් කර ඇත.

සන්තිවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.