
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දීය තොරතුරු තාක්ෂණ සමාගම් කොළඹ වරාය නගරය(පොර්ට් සිටි) පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සඳහා උනන්දුවක් දක්වන බව වාර්තා වේ.
එම ව්‍යාපෘතිය භාර ඉහළ නිලධාරීන් උපුටා දක්වමින් ජනමාධ්‍ය වාර්තා කරන්නේ, නව නගරයේ ව්‍යාපාර ආරම්භ කිරීමට අනුමැතිය ඉල්ලා යොමුකර ඇති අයැදුම්පත් සිය ගණනක් මධ්‍යයේ එවැනි ඉන්දීය සමාගම්වල අයදුම්පත් ද වන බවයි.
දකුණු ඉන්දියාවේ පිහිටි ඉන්දියානු තොරතුරු තාක්ෂණ සමාගම් ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් උනන්දු වන බව ද ඔවුහු පවසති.
“මෙම සමාගම් සඳහා, ඉන්දියාවේ අනෙකුත් සමහර නගරවලට වඩා කොළඹට ගමන් කිරීම පහසු වනවා. ඒ වගේම ඉන්දියාවේ අනෙකුත් සමහර නගරවලට ගමන් කරනවාට වඩා ගමන් කාලය ද කෙටියි. උදාහරණයක් වශයෙන්, තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථානය වන බැංගලෝර් නගරයට කොළඹ සිට පැයක පමණ දුරක් පමණයි පවතින්නේ” එක් නිලධාරියෙක් පැහැදිලි කර ඇත.
මෙම සමාගම් වරාය නගරයට ද ව්‍යාප්ත කිරීම පහසු වන අතර, ඔවුන්ගේ අවදානම විවිධාංගීකරණය කළ හැකි බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
දේපළ සංවර්ධන සමාගම්වලට ද කොළඹ වරාය නගරය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සඳහා යම් උනන්දුවක් ඇති බව ඔහු පෙන්වාදෙයි.
“සිලෝන් රියල් එස්ටේට් ඩිවලොප්මන්ට් සමාගම එම ව්‍යාපෘතිය සඳහා උනන්දුයි. නේවාසික සංකීර්ණයක් මෙන්ම හෝටලයක් සඳහා අනුමැතිය ලබාදීමෙන් පසු එය ආරම්භ කිරීමට නියමිතයි.”
පසුගිය වසරේ ජුනි මාසය වන විට වරාය නගරය සමාගම් 65ක් සමඟ සම්බන්ධ වී ඇති අතර, මේ වන විට ව්‍යාපාර සඳහා අනුමත කර ඇති අයැදුම්පත් 84ක් සමඟ වසර අවසාන වන විට 100ක් බවට පත්කිරීමට ඉලක්ක කර ඇති බව නිලධාරීහු පවසති.
‘නව ආණ්ඩුව බලයට පත්වීමත් සමග පෝට් සිටි කොමිෂන් සභාව පසුගිය දෙසැම්බර් මාසයේදී නැවත ස්ථාපිත කරන ලද අතර, එය දැන් මුදල් අමාත්‍යාංශය යටතේ තිබෙනවා. අමාත්‍යාංශය අයවැය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන වාරික සාකච්ඡා සමඟ කාර්යබහුල වීම අනුමැතිය ප්‍රමාද වීමට හේතුවයි. ඉදිරි මාස දෙක තුළ අපි අවශ්‍ය පියවර ගන්නවා” ඔවුහු සඳහන් කරති.
වරාය නගරයේ තවමත් පාසල්, රෝහල් සහ විශ්වවිද්‍යාල ස්ථාපිත නොවීම සම්බන්ධයෙන් ආයෝජකයන් කනස්සල්ලට පත්ව සිටින බව ද පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart