March 15, 2025

ගිනිඅවියක් සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජනප්‍රිය රැප් ගායක අමිල කෞෂාන් ගුණරත්න නොහොත් ”ෂාන් පුතා” නමැත්තා ඇතුළු තිදෙනකු දින 7 ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඒ, සැකකරුවන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීය.

”ෂාන් පුතා” නමැත්තා ඔහු සන්තකයේ තිබූ මිලිමීටර් 9 ගිනි අවියක් සමඟ ඊයේ හෝමාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

ඔහු සමඟ තවත් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචි ‘ශාන් පුතා’ නමැත්තාගේ කළමනාකරු බව කියන කේෂර ඉෂාන් නමැත්තකු සහ මන්නාරම පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු වන චන්දික ශ්‍රීමාල් ඒ අතර වේ.

කොස්තාපල් චන්දික ශ්‍රීමාල් විසින් මාතර කොටවිල පොලිස් ස්ථානයෙන් ගිනිඅවිය සොරකම් කර පසුව ෂාන් පුතා නමැත්තාට ලබාදී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත.