March 14, 2025

පොළොන්නරුව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එච්.එම්.අයි.යූ. කරුණාරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබේ.

පොළොන්නරුව රෝහලේ වත්මන් රාජකාරිවලට අමතරව වෛද්‍ය කරුණාරත්න අනුරාධපුර ශික්ෂණ රෝහලේද කටයුතු ආවරණය කරනු ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ විසින් අද උදෑසන මෙම පත්වීම සිදුකර ඇත.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත්කිරීමෙන් පසුව නව පත්වීම සිදුකර ඇති බව වාර්තා වේ.