March 13, 2025

රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා බන්ධනාගාර රෝහලට මාරුකර ඇතැයි වාර්තා වේ.

ඉඩම් වංචාවක් සම්බන්ධයෙන් මර්වින් සිල්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරිණි.

ඔහුව මේ වන විට මහර බන්ධනාගාරයේ රෝහල් වාට්ටුවක රඳවා ඇති නමුත්, කිසිදු අමතර පහසුකමක් සපයා නොමැති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක ජනමාධ්‍ය වෙත පවසා ඇත.