March 12, 2025

දඹුල්ල බකමූණ ප්‍රධාන මාර්ගයේ රිදීඇල්ල අගුණවැල්පැලැස්ස හමුදා කඳවුර ඉදිරිපිට ජීප් රථයක් මාර්ගයෙන්ඉවතට පැන කුඹුක් ගස් දෙකක ගැටීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව දඹුල්ල පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ බකමූණ ප්‍රදේශයේපදිංචි ජේ.කේ. බන්දුල රණතුංග (71 හැවිරිදි) සහ එන්.පී නිහාල් (51 හැවිරිදි) අයෙකු බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

දඹුල්ල ප්‍රදේශයේ සිටබකමූණ දෙසට මෙම පැරැණි ජීප් රථය ධාවනය වෙමින් තිබියදී මාර්ගයෙන් ඉවතට පැන එක කුඹුක් ගසක ගැටී, පසුව තවත් ගසක ගැටීමෙන් අනතුර සිදුවී ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.

මියගිය පුද්ගලයන් කුමන කාරණාවකට පැමිණියේද, අනතුර කුමන හේතුවක් නිසා සිදුවුණේද යන්න නිසි ලෙස අනාවරණය නොවන බවද පොලිසිය සඳහන් කරයි.

අනතුරු සිදුවූ ප්‍රදේශය මිනිස් වාසයක් නොමැති කැලෑබද ප්‍රදේශයක් වන අතර, ඒ ආසන්නයේ යුදහමුදා කඳවුරක් පමණක් තිබෙන බවත් පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සැලවී එම ස්ථානයට පොලිසිය යනවිටත් තුවාලකරුවන් වාහනයේ සිරවී සිටි බව පොලිසිය පවසයි.

ඔවුන් වාහනයෙන් ඉවතට ගෙන දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කරන විට මියගොස් තිබුණු බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.