March 12, 2025

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් පොලිස් කොට්ඨාසයේ විශේෂ විමර්ශන අංශයේ රාජකාරි කළ සැරයන්වරයකු අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකයේ නිලධාර්න් විසින් ඊයේ (11) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නිදන් නඩුවක් සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ගෙන් සැකකාර සැරයන්වරයා අධිකරණයේ වැසිකිළිය තුළදී රුපියල් විසිදහසක අල්ලස් මුදලක් ලබාගෙන ඇතැයි පැවැසේ.

අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් එහිදී සැරයන්වරයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර සැරයන්වරයා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.