March 12, 2025

නීතිවිරෝධී ලෙස විදේශීය සිගරට් තොගයක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන තිබේ.

නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද සිගරට් කූරු 18,600ක් සමග වලාන දූෂණ මර්දන ඒකකය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරන ලදී.

වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතී.