March 12, 2025

2025 මාර්තු 10 වන දින රාත්‍රියේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට සිදු වූ ම්ලේච්ඡ ලිංගික අතවරයට විරෝධය පළකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අද රට පුරා එක්දින සංකේත වැඩවර්ජනයක් ප්‍රකාශයට පත්කර තිබේ.

2025 මාර්තු 12 වැනි බදාදා පෙ.ව. 8:00 සිට වැඩවර්ජනය ආරම්භ කිරීමට GMOA හි විධායක කමිටුව තීරණය කර ඇති අතර, එය 2025 මාර්තු 13 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 8:00 දක්වා දිවයිනේ සියලුම රෝහල්වල අඛණ්ඩව පවතිනු ඇත.

හදිසි ප්‍රතිකාර සේවාවලට බාධාවක් සිදුනොවන අතර, බරපතල රෝගීන් සඳහා අඛණ්ඩ ප්‍රතිකාර සහතික කිරීම සඳහා අවශ්‍ය පියවර ගනු ලැබේ.

කෙසේවෙතත්, වැඩවර්ජනය ළමා රෝහල්, මාතෘ රෝහල්, වකුගඩු ප්‍රතිකාර ඒකක, ජාතික මානසික සෞඛ්‍ය ආයතනය සහ හමුදා රෝහල් සඳහා අදාළ නොවේ.