
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රමිතියෙන් තොර ඖෂධ ලබාදීම හේතුවෙන් මියගිය සහ විවිධ සංකූලතාවලට ලක්වූ රෝගීන්ට වන්දි ලබාදීමට මෙවර (2025) අයවැයෙන් මුදල් ප්‍රතිපාදන වෙන්කර නොමැති බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
පසුගිය වසර කිහිපය තුළ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය අර්බුදයකට ලක් වූ අතර, ඖෂධ හිඟය සහ ප්‍රමිතියෙන් තොර ඖෂධ සහ වෛද්‍ය උපකරණ ආනයනය ද වාර්තා විය,.
මෙවැනි ඖෂධ ලබාදීමෙන් පසුගිය කාලයේ මරණ සහ බරපතළ හානි සිදුවූ පුද්ගලයන් පිළිබඳව ද වාර්තා විය.
The Daily Morning වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති වෛද්‍ය චමල් සංජීව පවසාඇත්තේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිජීවක, නිර්වින්දන, වකුගඩු ඩයලයිසිස් දියර සහ අක්ෂි බිංදු ලබාදීම හේතුවෙන් මියගිය සහ විවිධ සංකූලතාවලට ලක්වූවන්ට වන්දි ලබාදීමට මෙවර අයවැය මගින් ප්‍රතිපාදන වෙන්නොකිරීම කණගාටුවට කරුණක් බවයි.
“අපි ජනාධිපතිතුමා සහ මුදල් ඇමැතිවරයා වන අනුර කුමාර දිසානායක හමුවෙලා මේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙය ඉතා සංවේදී ප්‍රශ්නයක්. මෙම වින්දිතයන්ට වන්දි ලබාදීම රජය තවදුරටත් ප්‍රමාද නොකළ යුතුයි.” ඔහු පෙන්වාදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart