March 10, 2025

පාර්ලිමේන්තු පරිශ්‍රයේ සැරිසරන සුනඛයන් ඉවත්කරන ලෙස කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වේත්‍රධාරි කුෂාන් ජයරත්නට උපදෙස් දී ඇත.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ සුනඛයන් දහයකට වැඩි පිරිසක් සිටින බව පැවැසෙන අතර මෙම සුනඛයන් පාර්ලිමේන්තු සේවකයන්ට මෙන්ම එහි පැමිණෙන අමුත්තන්ට ද හිරිහැරයක් බව පෙනීගොස් තිබේ.

කථානායකවරයා පසුගිය දිනෙක පාර්ලිමේන්තු පරිශ්‍රයේ ගොඩනැගිලි පරීක්ෂා කිරීමේදී සුනඛයකු ඔහුගේ කකුල් දෙක අසලින්ම යනු දැක කලබලයට පත්ව “මෙහෙ බල්ලොත් හදනවාදැ”යි විමසා ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

කථානායකවරයා වේත්‍රධාරීවරයාට පාර්ලිමේන්තු පරිශ්‍රයේ සිටින සුනඛයන් ඉවත් කරන ලෙස දැනුම් දී ඇත්තේ ඉන් පසුවය.