
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් සහ උතුරු නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වෙත කඩාවැදී තිබේ.
ඒ, පැයට කිලෝ මීටර් 107 ක වේගයෙනි.
විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ, සුළි කුණාටුවත් සමග හටගත් වර්ෂාවත් සමග ඇතිවූ ජල ගැලීම්වලට හසුව ගසාගෙන ගිය පුද්ගලයකුගේ මළසිරුරක් මේ වන විට හමුව ඇති බවයි.
කුණාටුව අතරතුර, ඕස්ට්‍රේලියානු ආරක්ෂක හමුදා රථ දෙකක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් 36 කුද තුවාල ලබා ඇත.
සුළි කුණාටුව හේතුවෙන් නිවාස සහ ගොඩනැගිලි 260,000 කට අධික සංඛ්‍යාවකට විදුලිය විසන්ධි වී ඇතැයිද සඳහන් වේ.
ප්‍රාන්ත දෙකෙහි ප්‍රදේශ රැසකට මිලිමීටර 200 ඉක්මවූ වැසි ඇද හැළෙන අතර ගංවතුර තත්ත්වයන් හමුවේ පුද්ගලයන් 20,000 කට නිවාසවලින් ඉවත්වීමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව හේතුවෙන්, එහි ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ට අනතුරක් සිදුවූ බවට මෙතෙක් කිසිදු වාර්තාවක් ලැබී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශය සඳහන් කළේ, ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරින් ඒ පිළිබදව දැඩි අවධානය යොමුකර ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart