March 9, 2025

මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසන්නේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි චෝදනා සම්බන්ධයෙන් රජය නව පරීක්ෂණයක් ආරම්භ කරන බවයි.

ජනමාධ්‍යවේදීන් අමතමින් නියෝජ්‍ය ඇමැති වටගල පැවසුවේ, බටලන්ද වාර්තාවට අදාළ චෝදනා විමර්ශනය කිරීමට රජය අවශ්‍ය පියවර ගන්නා බවයි.

ඒ පිළිබඳව රනිල් වික්‍රමසිංහ මෑතකදී අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදී සඳහන් කර තිබිණි.

මහබැංකු බැඳුම්කර වංචාව සහ පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් ද පරීක්ෂණ පවත්වන බවත්, ඒ දෙකම රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය දැරූ කාලය තුළ සිදු වූ බවත් ඔහු පැවැසීය.

ජාතික ජන බලවේග ආණ්ඩුව විනිවිදභාවයට කැපවී සිටින බවත්, රනිල් වික්‍රමසිංහට කළින් දේශපාලන ආරක්ෂාව ලැබුණු සියලු චෝදනා සම්බන්ධයෙන් පියවර ගන්නා බවත් හෙතෙම අවධාරණය කළේය.