
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජ්ය බුද්ධි සේවයේ නැගෙනහිර පළාත භාර සහකාර පොලිස් අධිකාරි නිලංග හේරත් ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර 39. 3 දොඩංගොඩ ප්රදේශයේ දී නවතා තිබූ තවත් සුඛෝපභෝගී මෝටර් රථයක ගැටීමෙන් එම මෝටර්රථ යේ රියැදුරු මියගොස් සහකාර පොලිස් අධිකාර්වරයා ඇතුළු තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ කළුතර දකුණ, යලප්පෙරුම මාවත, මුස්ලිම් පල්ලිය පාර, අංක 45/45 ලිපිනයේ පදිංචිව සිටි ඒ. බී. රිස්වාන් (34) නමැති පුද්ගලයෙකි.
තුවාල ලැබූවන් අතර සහකාර පොලිස් අධිකාරවරයා, ඔහු ගමන් ගත් මෝටර් රථය පැදවූ රාජ්ය බුද්ධි සේවාවට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයා සහ මියගිය පුද්ගලයා පැදවූ මෝටර් රථයේ ගමන් ගත් මගියකු වන බව පොලිසිය පවසයි.
රාජ්ය බුද්ධි සේවයේ නැගෙනහිර පළාත භාරව රාජකාරී කරන සහකාර පොලිස් අධිකාරී එච්. එම්. සී. නිලංග හේරත් කොළඹ පැවැත්වෙන රාජකාරී කටයුත්තක් සඳහා සහභාගී වීමට පොලිස් කොස්තාපල් රියැදුරු (18431) කේ. ඩී. ආර්. කේ. ජයතිලක නිලධාරියා විසින් පදවන ලද මාසික කුළී පදනම මත ශ්රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට පවරාගෙන ඇති සුඛෝපභෝගී මෝටර් රථයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ දෙසට පැමිණෙමින් සිට ඇතැයි පොලිසිය සඳහන් කරයි.
ජිප් රථය වැලිපැන්න පිවිසුම පසුකර කොළඹ දෙසට ධාවනය වීමේදී කිලෝමීටර 39.3 දොඩංගොඩ ප්රදේශයේ පාලම මත කාර්මික දෝෂයකට ලක්වූ මෝටර් රථයක් මාර්ගයේ වම්පස නතර කර තිබී ඇතැයි පොලිසිය පවසයි.
එහි රියැදුරු මෝටර් රථයෙන් බැස එහි පිටුපස සිටගෙන සිට ඇති අතර මෝටර් රථයේ වම් පස අසුනේ තවත් මගියකු සිට ඇත.
පොලිස් නිලධාරින් දෙදෙනා ගමන් ගත් සුඛෝපභෝගී මෝටර් රථය නවතා තිබූ රථයෙහි පිටුපස සිට ගෙන සිටි රියැදුරු ද යටකරගෙන ගොස් මෝටර් රථයේ ගැටීමත් සමගම සිව්දෙනාම තුවාල සිදු වී ඇත.
ඔවුන් නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව රියැදුරු පැය කීපයකට පසු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
අනතුරින් මෝටර් රථ දෙකටම බරපතළ අලාභ සිදුවී ඇත.
අපරීක්ෂාකාරී සහ නොසැලකිලිමත් ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් රාජ්ය බුද්ධි සේවාවේ පොලිස් කොස්තාපල් රියැදුරු දොඩංගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. (දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart