March 6, 2025

යාපනයේ මාන්කුලම් ප්‍රදේශයේදී වැඩිහිටියන්ට නිර්දේශ කරන ඖෂධයක් අහම්බෙන් පානය කිරීමෙන් කුඩා දරුවෙකු මියගොස් තිබේ.

වයස අවුරුදු එකහමාරක දරුවා කිළිනොච්චි රෝහලට ඇතුළත් කර ඇති අතර අඟහරුවාදා (මාර්තු 04) ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලිසිය පවසයි.

දරුවා තම ආච්චිගේ අසනීපයකට ප්‍රතිකාර ලෙස මිලදී ගත් ඖෂධ පානය කර ඇති බව පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

මාන්කුලම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.