
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කැනඩාවේ විදේශ රැකියා ලබාදෙන බවට පොරොන්දු වී රුපියල් මිලියන 140ක් ලබාගැනීම සම්බන්ධයෙන් නඩු 96ක් පවරා ඇති සැකකරුවකු මාර්තු 19දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි අද නියෝග කළාය.
විදේශ රැකියා අවස්ථා ලබාදෙන මුවාවෙන් මුදල් රැස්කර සැකකරු පුද්ගලයන් පිරිසක් රවටා ඇති බව වංචා විමර්ශන කාර්යාංශය පවසයි.
මීට පෙර මෙම විමර්ශනයේදී ජාඇල ප්‍රදේශයේ නීතිඥවරියක ද අත්අඩංගුවට ගෙන තිබිණි.
පෙර පැවති නඩු විභාගයකදී ඇයට ඇප නියම විය.
ප්‍රධාන සැකකරු අදාළ නීතිඥවරිය තම නීති නියෝජිතයා ලෙස පත්කර වින්දිතයන් ඇය වෙත යොමුකර ඇති බව වංචා විමර්ශන කාර්යාංශය අධිකරණයට පවසා තිබේ.
පසුව අදාළ නීතිඥවරිය එක් වින්දිතයකුගෙන් මිලියනයක් බැගින් මුදල් එකතුකර ඇති බව පැවැසේ.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ආනන්ද වීරරත්න නමැති සැකකරු පසුගිය මාස අටක කාලයක සිට රිමාන්ඩ් භාරයේ පසුවන බැවින් ඔහු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයකු අද ඔහු වෙනුවෙන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.
කෙසේවෙතත්, ඔහුගේ වත්කම් පිළිබඳ අඛණ්ඩ පරීක්ෂණ උපුටා දක්වමින් පොලිසිය එයට විරුද්ධ විය.
දෙපාර්ශ්වයේම කරුණු සළකා බැලූ අධිකරණය රුපියල් මිලියන 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුගේ නඩු හතරකට ඇප නියම කර තිබේ.
මීට අමතරව මෙම නඩු හතර සම්බන්ධයෙන් සැකකරුට විදෙස් ගමන් තහනමක්ද පනවා ඇත.
එසේ තිබියදීත්, අනෙකුත් නඩු සඳහා ඔහු මාර්තු 19 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart