March 5, 2025

මෑතකදී තමාට කළ අපහාසයක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා අද විපක්ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකරට දෝෂාරෝපණය කළේය.

“මට ලොකු අයියා කියලා විශ්වවිද්‍යාලයේදී මා ළඟට ආපු මේ මන්ත්‍රීවරයා කිව්වා මට මිනිස්සුන්ව අල්ලලා විතරයි හඳුනාගන්න පුළුවන් කියලා. ඔව්, ඒක අපේ හැකියාව. මගේ දෘශ්‍යාබාධිතභාවයට අපහාස කිරීමෙන් මේ මන්ත්‍රීවරයා ඔහුගේ මානසිකත්වය පෙන්නුවා,” මන්ත්‍රීවරයා පැවැසීය.

“මේ මන්ත්‍රීවරයා ආබාධිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් නියෝජනය කරනවාද කියලා කෙනෙකුට කල්පනා වෙනවා” ඔහු තවදුරටත් සඳහන් කළේය.

“මේ මන්ත්‍රීවරයා කියලා තියෙනවා මම අවුරුදු 75ක ශාපය ගැන විතරයි කතාකරන්නේ කියලා. ඔව්, මම ඒක කරනවා. නමුත් මට මේ රටේ අවුරුදු 2,500ක ඉතිහාසය ගැන කතාකරන්න හැකියාව තියෙනවා, මොකද මට ඉතිහාසය ගැන පළමු පන්තියේ උපාධියක් තියෙනවා,” මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවැසීය.