
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියට ලැබුණු තොරතුරක් අනුව පිටකොටුව ප්‍රදේශයේ සිදුකරන ලද වැටළීමකදී අනාවරණය කරගත් තොරතුරු මත, වත්තල, ඇලකන්ද පාර, උස්වැටකෙයියාව ප්‍රදේශයේ ගබඩාකර වෙළදපොලට නිකුත්කිරීමට සුදානම් කර තිබු මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු තිරිගු පිටි ටොන් 750 කට අධික ප්‍රමාණයක් අද (05) සොයාගනු ලැබිණි.
අදාළ තිරිගු පිටිවල නිෂ්පාදිත දිනය පසුගිය වසරේ මාර්තු / මැයි මාසය ලෙසත්, කල් ඉකුත්වන දිනය මෙම වසරේ මාර්තු /මැයි ලෙසත් සඳහන් කර තිබූ අතර, එම තොගය දැඩි ලෙස කෘමි ආසාදනයට ලක්ව තිබූ බැවින් තවදුරටත් ඉදිරියේදී මෙම තොග වෙළදපොළට නිකුත්වීම වැලැක්වීම සදහා අදාළ භාණ්ඩ තොගය නිලධාරීන් භාරයට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතී.
පසුගිය කාලසීමාව තුළ ස්ථාන ගණනාවකින්ම මෙවැනි මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු තිරිගුපිටි තොග සම්බන්ධව වැටළීම් සිදුකරන ලද අතර, ඒ සම්බන්ධව නීතිමය පියවයර ගනිමින් පවතී.
එමෙන්ම මෙවැනි භාණ්ඩ තදුරටත් නැවත සකස්කර මනුෂ්‍ය පරිභෝජනයට නිකුත්කිරීමට ඉඩ ඈති බැවින්, එවැනි ක්‍රියාවන් වැලැක්වීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය නිරන්තරව කටයුතු කරන අතර එවැනි වංචනික වෙළදුන් සම්බන්ධව තොරතුරු වෙතොත් අධිකාරිය දැනුවත් කරන ලෙසත් මහජනතාව දැනුම් දෙනු ලැබේ.
එමෙන්ම මෙම ගැටලුව අඛණ්ඩව වෙළදපොල තුල වාර්තා වන බැවින් තිරිගු පිටි මිලදී ගැනීමේදී සැපයුම්කරුවන් සහ අදාළ භාණ්ඩවල තත්වය සම්බන්ධව දැඩි සැලකිල්ලක් දක්වන ලෙසත්, අතරමැදි පුද්ගලයන් විසින් වෙළදපොළට භාණ්ඩ සැපයීමේදී ඔවුන් සම්බන්ධව විමසිලිමත් වෙමින් මිලදීගැනීම් සිදුකරන ලෙසත් ව්‍යපාරිකයන් දැනුවත් කරනු ලැබේ.
තවද, මෙවැනි කෘමි ආසාදිත තිරිගු පිටි බේකරි සහ ආහාර නිෂ්පාදනය සදහා භාවිත කරන්නේද යන්න සම්බන්දව මෙන්ම සහ වෙළදපොළේ අලෙවියට ඉදිරිපත් කරන්නේද යන්න සම්බන්ධවද සොයාබලමින් ඔවුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart