March 5, 2025

දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කර තිබේ.

ඔහුට එරෙහිව ගොනුකර ඇති නඩුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත.

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ප්‍රකාශයක් ලබාදීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2023 දෙසැම්බර් මාසයේදී අත්අඩංගුවට ගෙන තිබිණි.

ඒ, 2023 මැයි මාසයේදී සභාවක් ඉදිරියේ බුදුන් වහන්සේ, ඉස්ලාම් සහ හින්දු ආගම පිළිබඳව අවමන් සහගත ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා කිරීමෙන් පසුවය.

ඔහු කළ ප්‍රකාශය ඇතුළත් වීඩියෝ දර්ශන නිසා මෙරට බෞද්ධාගම අදහන පිරිස තුළ කැළඹීමක් ඇති වී තිබිණි.

එම තත්ත්වයෙන් පසුව දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සිය ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව අයැද සිටියේය.

සිද්ධියෙන් මාස හයකට ආසන්න කාලයක් විදේශගතව සිට ශ්‍රී ලංකාවට පැමිණි ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර තිබිණි.