March 5, 2025

ආහාර පැකට් තුළ සඟවා කුෂ් කංසා කිලෝග්‍රෑම් 5.2 ක් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් 34 හැවිරිදි තායි ජාතිකයකු අද (5) උදෑසන බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කුෂ් තොගයේ වීථි වටිනාකම රුපියල් ලක්ෂ 52ක් පමණ වන බව පැවැසේ.

තායි එයාර්වේස් ගුවන් සේවයේ TG-307 ගුවන් යානයකින් බැංකොක් සිට පැමිණි සැකකරු වැඩිදුර විමර්ශන සඳහා බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දී තිබේ.