March 4, 2025

වැලිගම පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපතිවරයා අද පෙරවරුවේ අධිකරණයට භාර වී තිබේ.

ඔහුට සහ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් කිහිපදෙනකුට එරෙහිව අධිකරණය වරෙන්තු නිකුත් කර ඇති පසුබිමකදීය.

විමර්ශන නිලධාරීන් විසින් දේශබන්දු තෙන්නකෝන්ගේ හෝකන්දර සහ ගිරිඋල්ල ප්‍රදේශවල පිහිටි නිවෙස් සෝදිසි කළද එම නිවෙස්වලින් ඔහුව සොයාගැනීමට අපොහොසත් වී ඇති බවට වාර්තා වීමත් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව මාර්තු 01 වැනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණය හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට විදෙස් ගමන් තහනමක් පැනවීය.

2023 දෙසැම්බර් 31 වැනිදා මාතර වැලිගම පැලෑන ප්‍රදේශයේ W15 හෝටලය ඉදිරිපිට සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු නිලධාරීන් සහ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 8 දෙනකු අත්අඩංගුවට ගෙන සැකකරුවන් ලෙස නම්කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.