March 4, 2025

යාපනයේ චුන්නාකම්හි උඩුවිල් ප්‍රදේශයේදී වී අස්වනු නෙළන යන්ත්‍රයක් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටරයකට යටවීමෙන් වයස අවුරුදු 11 ක පිරිමි දරුවකු ඊයේ මියගිය බව වාර්තා විය.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ දරුවා යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව පොලිසිය පැවසීය.

විමර්ශනවලින් හෙළිවන්නේ දරුවා වී අස්වනු නෙළන යන්ත්‍රයට නැගීමට උත්සාහ කර බිම වැටී ඇති බවත්, පසුව ඔහුගේ පියා විසින් පදවන ලද ට්‍රැක්ටරයේ පිටුපස රෝදයට යට වී ඇති බවත්ය.

අනතුර සම්බන්ධයෙන් චුන්නාකම් පොලිසිය පරීක්ෂණ පවත්වයි.