March 3, 2025

මොරටුව විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිවරයාට තර්ජනය කර රුපියල් ලක්ෂ පනහක මුදලක් බලෙන් ලබාගත් කණ්ඩායම සොයා බම්බලපිටිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

පසුගිය වසරේ මාර්තු 05 වැනි දින සිට වරින්වර මෙම කණ්ඩායම දුරකථන ඇමතුම් ලබාදී ඇති බව වාර්තා වේ.

අවස්ථා හතරකදී මෙලෙස තර්ජනය කර හිටපු උපකුලපතිවරයාගෙන් මුදල් ලබාගෙන ඇති බව බම්බලපිටිය පොලිසිය වැඩිදුරටත් පවසයි.