
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තුව තුළ අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම සඳහා පාර්ලිමේන්තු වරප්‍රසාද අනිසි ලෙස භාවිත කිරීම වැළැක්වීමට රජය පියවර නොගතහොත්, ඒ සම්බන්ධයෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
කොළඹ පැවති වැඩසටහනකින් පසුව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු අවධාරණය කළේ, පාර්ලිමේන්තුව තුළ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමට විරුද්ධ වන සියලුදෙනා යෝජනාවට සහාය දක්වනු ඇති බවයි.
“පාර්ලිමේන්තුව තුළ අසීමිත ලෙස අසත්‍ය ප්‍රචාරය වෙමින් පවතිනවා. ඒ ලබා දී ඇති වරප්‍රසාදය නිසා. මෙම වරප්‍රසාදය ලබා දී ඇත්තේ ජනතාවගේ ගැටළු විසඳීමට මිස බොරු ප්‍රචාරය කිරීමට නෙවෙයි. මෙය වෙනස්විය යුතුයි. එය අනිසි ලෙස භාවිත කරනවා නම් සහ එය නැවත්වීමට රජය පියවර නොගන්නේ නම්, තත්වය නිවැරදි කිරීම සඳහා මම පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙන එනවා.
මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් කී දෙනෙක් පාර්ලිමේන්තුවේ බොරු කියන එකට විරුද්ධ වෙනවද කියල බලමු. අපි ඇත්ත කතාකරනවා නව නම්, අපට එවැනි වරප්‍රසාදයක් අවශ්‍ය වෙන්නේ නෑ.” යැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart