March 2, 2025

Hipposideros srilankaensis ලෙස හැඳින්වෙන නව වවුලන් විශේෂයක් මෙරටින් සොයාගෙන තිබේ.

ඔස්මානියා විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අංශයේ භාර්ගවි ශ්‍රීනිවාලු විසින් මෙහෙයවමින් දශකයක් පුරා සිදුකරන ලද අධ්‍යයනයකින් මෙම නව කොළ නාසයක් සහිත වවුලන් විශේෂය හඳුනාගෙන ඇතැයි වාර්තා වේ.

Hipposideros galeritus වර්ගයට අයත් මෙම වවුල් විශේෂයේ සොයාගැනීම කීර්තිමත් අන්තර්ජාතික වර්ගීකරණ සඟරාවක් වන Zootaxa හි ප්‍රකාශයට පත්කර ඇත.

අධ්‍යයනය සිදුකළ විද්‍යාඥයන් කණ්ඩායම ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ තායිලන්තය පුරා ස්ථාන කිහිපයක සමීක්ෂණය කර, ඔවුන්ගේ සොයාගැනීම් සඳහා වැදගත් සාම්පල සහ සාක්ෂි එකතු කර තිබේ.

මෙම අධ්‍යයනයට සම්බන්ධ වූ විද්‍යාඥයන්ගෙන් එක්අයෙකු වන මහාචාර්ය සී ශ්‍රීනිවාසුලු පවසන්නේ, නව විශේෂය වන Hipposideros srilankaensis, එහි ඇති සුවිශේෂී රූප විද්‍යාත්මක ලක්ෂණ, පුළුල් නාසය, කන් හැඩය සහ හිස් කබලේ ලක්ෂණ වලින් කැපීපෙනෙන බවයි.

ප්‍රවේණි විශ්ලේෂණය මගින් කලාපයේ අනෙකුත් වවුල් විශේෂයන්ගෙන් එහි විශේෂත්වය තවදුරටත් තහවුරු වී ඇතැයි ද ඔහු පවසයි.

H brachyotus යනු ඉන්දියාවට ආවේණික වූ වවුල් විශේෂ විශේෂයක් බව පර්යේෂණයෙන් තහවුරු වූ අතර මෙරට වවුලන් අලුතින් විස්තර කරන ලද H srilankaensis වර්ගය නියෝජනය කරයි.

අග්නිදිග ආසියාව පුරා Hipposideros galeritus හි වවුල් ගහනය අතර සැලකිය යුතු ජානමය අපසරනයක් ද අධ්‍යයනයෙන් හෙළිදරව් වී ඇති අතර, වැඩිදුර විමර්ශනය කළ යුතු ගුප්ත විශේෂ සිටින බව ද විද්‍යාඥයන් පිරිස යෝජනා කර තිබේ.

කණ්ඩායම අවශ්‍ය දත්ත රැස්කිරීම සඳහා ඝන වනාන්තරවල සිට ගුහා දක්වා විවිධ වාසස්ථානවල සමීක්ෂණ සිදුකර තිබේ.

ඉන්දියාවේ වවුලන් විශේෂ 136ක් හමුවන බවත් හයිද්‍රාබාද්හි විවිධ වවුලන් විශේෂ 14ක් සිටින බවත් මහාචාර්ය ශ්‍රීනිවාසුලු සඳහන් කරයි.