March 1, 2025

ඉන්ධන ප්‍රශ්නය දිගටම පැවතුනහොත්, පොදු ප්‍රවාහනය ගැටලුවකින් තොරව පවත්වාගෙන යෑම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝවලින් ප්‍රමාණවත් ඩීසල් සැපයුමක් සහතික කිරීමට රජය වහාම පියවර ගත යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ ප්‍රවාහනය ආර්ථිකයට සෘජුවම බලපාන බැවින් රටේ ප්‍රවාහන පද්ධතිය අඩපණ නොකළ යුතු බවයි.

“කොවිඩ් -19 වසංගතය අතරතුර, පසුගිය රජය බස් රථ සඳහා ලංගම ඩිපෝවලින් ඩීසල් ලබා ගැනීමේ ක්‍රමයක් හඳුන්වා දුන්නා. සංවිධානාත්මක ආකාරයකින් ඉන්ධන බෙදා හැරීම සඳහා QR කේත පද්ධතියක් ද ක්‍රියාත්මක කළා,” යනුවෙන් ඔහු සඳහන් කර තිබේ.

“දැනට තත්ත්වය තීරණාත්මක නොවූවත්, එය නරක අතට හැරීම වැළැක්වීම සඳහා රජය වහාම පියවර ගත යුතුයි,” යනුවෙන් විජේරත්න පවසයි.