
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලබන වසරේ අයවැයෙන් පොලිස් දෙපාර්තමේන්තුව සඳහා වෙනම වැටුප් ව්‍යුහයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පැවසුවේය.
අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා තහවුරු කළේ, මෙම වැඩපිළිවෙළ සඳහා සැලසුම් සකස්කර ඇති බවයි.
පොලිස් නිලධාරීන්ට හෝ රාජ්‍ය සේවකයන්ට කිසිදු වැටුප් අඩුකිරීමක් සිදු කර නොමැති බවත්, වසර ගණනාවකට පසු ඔවුන්ගේ මූලික වැටුප් වැඩිකිරීමට කටයුතු කර ඇති බවත් ඔහු අවධාරණය කළේය.
දැනට පොලිස් කොස්තාපල්වරයෙකුගේ මූලික වැටුප රු.29,540 ක් වන අතර එය මේ වසරේ රු.44,293 දක්වා වැඩිකෙරෙනු ඇත.
අමාත්‍යවරයාට අනුව විවිධ නිලයන් සඳහා වන අතිරේක වැටුප් වර්ධක පහත පරිදි වේ.
පොලිස් කොස්තාපල්: රු.6,182 කින් වැඩි වේ.
පොලිස් සැරයන්: රු.6,441.54 කින් වැඩි වේ
උප පොලිස් පරීක්ෂක (SI): රු.6,551.72 කින් වැඩි වේ
පරීක්ෂක (IP): රු.7,040.24 කින් වැඩි වේ
ප්‍රධාන පොලිස් පරීක්ෂක (CI): රු.7,655.74 කින් වැඩි වේ
සහකාර පොලිස් අධිකාරී (ASP): රු.8,244.11 වැඩිවීමකි
පොලිස් අධිකාරී (SP) සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (SSP): රු.9,925 කින් වැඩි වේ
නියෝජ්‍ය පොලිස්පති (ඩීඅයිජී) සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති: රු.11,118 කින් වැඩි වේ
පොලිස්පති (IGP): රු.13,223 කින් වැඩි වේ
මීට අමතරව දැනට පොලිස් කොස්තාපල්වරයෙකුගේ මූලික වැටුප රු.29,540 කි. එය මෙම වසරේ රුපියල් 44,293 ක් දක්වාත් , 2026 දී 46,921 දක්වා සහ 2027 දී රුපියල් 49,550 දක්වාත් ඉහළ යනු ඇතැයි පැවසේ.
ඊට අමතරව ඊට අදාළ සියලු දීමනා ද ඒ අනුව වැඩිකෙරෙනු ඇතැයි අමාත්‍යවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart