
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලබන සතියේ කැනඩාව සහ මෙක්සිකෝව මත පැනවූ බදු සමඟ ඉදිරියට යන අතරම චීන ආනයන සඳහා අමතර සියයට 10 ක තීරුබදු පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඔහු පෙන්වාදුන්නේ මත්ද්‍රව්‍ය ඇතුළු ජාවාරම් රටට ඇතුළුවීම වැළැක්වීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවයි.
අමෙරිකාවේ පාලක පාක්ෂය වන රිපබ්ලිකන් පක්ෂයේ නවතම ප්‍රකාශයන් ගෝලීය වෙළඳ යුද්ධයක් පිළිබඳ භීතියට හේතු වී ඇති බැවින්, අද දිනයේ ආසියාවේ විවෘතවූ වෙළඳපොළවල කොටස් මිල කඩාවැටී ඇතැයි පැවසේ.
නීතිවිරෝධී සංක්‍රමණ සහ මාරාන්තික ෆෙන්ටැනයිල් ගනුදෙනුව මත කැනේඩියානු සහ මෙක්සිකානු ආනයන සඳහා සියයට 25ක බද්දක් මේ මාසයේ පනවන බව ට්‍රම්ප් නිවේදනය කර තිබුණ ද පසුව එම තීරණය යළි හරවා තිබිණි.
එම මාසයක විරාමය අඟහරුවාදා අවසන් වීමට නියමිතය.
ලබන සතියේ යළි තීරුබදු ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේද යන්න පිළිබඳව වාර්තාකරුවන් ට්‍රම්ප්ගෙන් සිදුකළ ප්‍රශ්නවලින් අනතුරුව ට්‍රම්ප් බ්‍රහස්පතින්දා සමාජ මාධ්‍යවල ලියා ඇත්තේ ෆෙන්ටැනයිල් ගැටලුව බරපතල ලෙස සීමාවන තෙක් යෝජිත බදු නියමිත පරිදි සිදුවනු ඇති බවයි.
මාර්තු 4 වැනිදා පිළිබඳ ට්‍රම්ප් පවසා ඇත්තේ චීනයටද එම දිනයේ දී අමතර සියයට 10ක තීරුබදුවක් පනවන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart